Posts

Showing posts from April, 2020

පරිගණකයේ ඉතිහාසය

Image
‌ පරිගණකයේ ඉතිහාසය පරිගණකය යනු මිනිසාගේ ගණිතමය මෙන්ම එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා සැකසූ විද්‍යුත් යාන්ත්‍රික උපකරණයකි.ශිලා යුගයේ විසූ මිනිසුන් ගණිත කටයුතු සඳහා තම දැතේ අගිලි යොදා ගන්නා ලදී. එපමණක් නොව කෝටු කැබලි ඇට කැබලි වැනි ස්වාභාවික ද්‍රව්‍ය ද යොදා ගත් හ.කලයේ තම ජිවිතය ගත කළ මිනිසා ක්‍රම ක්‍රමයෙන් සමාජශීලි වීමත් සමගම තම වැඩ කටයුතු පහසුවෙන් සහ ක්‍රමානුකූලව ඉටු කර ගැනීම සදහා නොයෙක් ආකාරයේ උපකරණ නිර්මාණය කර ගෙන තිබුණි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉතිහාසය බෙදනු ලබන කාල වකවානු( Time Lines) 1. පුර්ව යාන්ත්‍රික යුගය (1450 ට පෙර ) 2. යාන්ත්‍රික යුගය ( 1450- 1840 ) 3. විද්‍යුත් යාන්ත්‍රික යුගය (1840- 1940 ) 4. විද්‍යුත් යුගය ( 1940 සිට අද දක්වා ) ඇබකසය ( Abcus ) ඇබකසය යනු මිනිසා තම ගණිත කටයුතු පහසු කර ගැනීම පිණිස ක්‍රි. පු 3000 පමණ චීන ජාතිකයන් භාවිතා කළ උපකරණයකි. ඇබකසය අද භාවිතා කරනු ලබන පරිගණකය සදහා මුලිකම අඩිතාලමයි. මෑත කාලීනව ද ඇතම් පාසල්වල ප්‍රාථමික අධ්‍යාපන කට